වසර 25ක සේවයට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් වෙත විශිෂ්ට සේවා විභූෂණ
සම්මාන ප්‍රදානය අද (07) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අරලියගහ මන්දිරයේ දී
පැවති උත්සවයක දී අවුරුදු 25ක අඛණ්ඩ සේවාවක් නිම කරන ලද නිත්‍යබල සේනාවල
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත මෙසේ විශිෂ්ට සේවා විභූෂණ සේවා සම්මාන ප්‍රදානය
සිදු කරන ලදී.
මෙහිදී ගුවන් හමුදාපති එච්. ඩි. හර්ෂ
අබේවික්‍රම, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ.
ගුණතිලක, එයාර් වයිස් මර්ෂල් කේ. ආර්. ඒ. රණසිංහ, එයාර් වයිස් මාර්ෂල්
ඩබ්ලිව්. ඒ. සිල්වා, එයාර් වයිස් මාර්ෂල් ඊ.ජි.ජෙ.පී. ද සිල්වා, එයාර්
වයිස් මාර්ෂල් ටි. ඒ. ටි. එෆ්. ඩබ්ලිව් ගුණවර්ධන, එයාර් වයිස් මාර්ෂල්
එස්. පී. සමරරත්න යන නිළධාරින් ගුවන් හමුදාව නියෝජනය කරමින් ජනපතිතුමා
අතින් විශේෂ සේවා විභූෂන පදක්කමෙන් පිදුම් ලැබූහ.