ගුවන් හමුදාව ශක්තිමත් කරමින් 148 'බී' නිත්‍ය ආධුනික පුහුණු පාඨමාලාව විසිර යයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්පාර කඳවුරේ සති 17ක පූර්ණ කාලීන පුහුණුවක් ලැබූ අංක 148 'බී' නිත්‍ය ආධුනික ගුවන්භට පාඨමාලාවේ ආධුනික ගුවන් භටයින් 208 දෙනෙක් විසිර යාමේ පෙළපාළි උත්සවය පසුගිය ජුනි 10වනදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී සරඹ, අවි පුහුණුව, යුධ උපක්‍රම, සිතියම් කියවීම, ක්ෂේත්‍ර ශිල්පය, ගිනි නිවාරණය, පුපුරන ද්‍රව්‍ය පරිහරනය, මානව හිමිකම් පිළිබඳ නීතිය, ගුවන් හමුදා නීතිය හා ප්‍රථමාධාර යන අංශයන් ඔස්සේ දැණුම ලබා දීම සිදු කරන ලදී.

තවද පෙළපාළියේ අණදෙන්නා ලෙස බළඝණ නායක ඩබ්ලිව්. කේ. ඒ. එස්. ඩබ්ලිව්. විතාන හා පෙළපාළි අණදෙන්නාගේ සහයක ලෙස නියමු නිළධාරි කේ. ඒ. රාජගුරු කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් කේ. එච්. ඒකනායක ඇතුළු තවත් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.