මහා සංගීත රත්‍රිය සහ සැණකෙළිය

ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් සංවිධානය කළ 'මහා සංගීත රත්‍රිය' පසුගිය ජූනි 07 වන දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන 'සීදූව සකුරා' සංගීත කණ්ඩායම මෙම 'මහා සංගීත රාත්‍රිය' සංගීතවත් කළේය.

මෙම සංගීත රාත්‍රිය වව්නියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු රොහින්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කඳවුරේ සංවර්ධන කටයුතුවලට ආධාර පිනිස පැවැත්වූ 'සංගීත රාත්‍රිය' වව්නියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු රොහින්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි විශේෂ බළකා අණදෙන නිළධාරි මේජර් ජනරාල් ඒ. එස්. කේ. පෙරේරා සහභාගී වූ අතර, තවද මෙම අවස්ථාවට ගුවන්, යුධ, පොලීස් යන ආරක්ෂක අංශ නියෝජනය කරමින් ආසන්න වශයෙන් සමාජිකයින් 2500ක් පමණ සහභාගී වීම විශේෂත්වකි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.