ගුවන් හමුදා ත්‍රිකෝණමඩු පුනරුත්ථාපන කඳවුර

හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයින් සමූහයක් ගුවන් හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පුනරුත්ථාපනය කර පසුගිය ජුනි 10වන දින වව්නියාව නෙළුන්කුලම ප්‍රරදේශයේ පිහිටි ආරක්ෂක නවාතැන්දීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය වෙත භාර දෙන ලදි.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් සමාජිකයින් 553 දෙනෙකුගේ අනාගතය උදෙසා විශේෂ වෘත්තීමය පුහුණුවීම් පාඨමාලා රැසක් දියත් කරන ලදී.

මෝටර් රථ අලුත්වැඩියාව - ත්‍රීරෝද රථ සහ යතුරු පැදී
කෘෂිකර්මය
හස්තකර්මාන්ත
රියදුරු
ඇඟලුම්
පෙදරේරු
වඩු කර්මාන්තය
පෑස්සීම
ලෝහ පිරිසැකස්ම
අලුත්වැඩියාව සහ තීන්ත ගැන්වීම
භාෂා දැණුම - සිංහල සහ ඉංග්‍රීසි

මීට පෙර මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් පුද්ගලයින් 2000කට අධික ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර තිබීම විශේෂත්වයකි.

ප්‍රධාන පුනරුත්ථාපන කොමසාරීස්වරයාගේ නැගෙනහිර සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් කේ. ඩබ්ලිව්. වයි. ජයතිලක මහතා ඇතුළුව බළඝන නායක කැලුම් විජේරත්න හා බළඝන නායක බුද්ධික බණ්ඩාර යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.