හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය

2011 වසර සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (01) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිදු කරන ලදී.

මෙම පරීක්ෂණය අතරතුරේදී ගුවන් හමුදාධිපතිතුමා උත්සවාකාරයෙන් 'ස්කයිමාර්ට්' සුභසාධන වෙළඳසැළ හිඟුරක්ගොඩ ශාඛාව විවෘත කරන ලදී. තවද 'ස්කයි බේකර්ස්' නමින් බේකරියක්, ගෘහස්ථ ක්‍රීඩාංගනයක්, ව්‍යායාම් උපකරණ, බර ඉසිලීමේ උපකරණ සහ වායුසමනය කරන ලද ව්‍යායාම් කළ හැකි ස්ථානයක් විවෘත කරන ලදී.

තවද ගුවන් හමුදාධිපතිතුමා කඳවුරු පෙර පාසලේ ඉදිකළ නව පංති කාමරය හා කෘෂිකාර්මික ව්‍යාපෘතිය නිරීක්ෂණය කළේය. මෙම කෘෂි ව්‍යාපෘතිය මගින් කඳවුරේ පුද්ගලයින් සඳහා සහල්, කෙසෙල්, ඉරිඟු, මිශ්‍ර එළවළු සහ පැපොල් යන දෑ පහසු මිළට සපයනු ලබයි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා ඇතුළු කඳවුරේ සියලු නිළයන් සඳහා දවල් ආහාර සංග්‍රාහයක් හා ගුවන් හමුදාධිපතිතුමාගේ විශේෂ කථාවක්ද පැවැත්විණි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.