ගුවන් හමුදා මදුරු මර්ධන ව්‍යාපාරය
ගුවන් හමුදා කොළඹ කඳවුර සංවිධානය කළ 'ඩෙංගු මර්ධන ව්‍යාපාරය' කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී පසුගිය ජූනි 11වන දින උදෑසන පැවැත්විණි. මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට යුධ හමුදාව, පොලීසිය, කොළඹ නගර සභාව, ප්‍රදේශයේ සෞඛ්‍යය නිළධාරි හා සීමාසහිත අබාන්ස් ආයතනයේ සහයෝගය ලබා දෙන ලදී.
මෙහිදී ස්ටුවර්ට් වීදිය, මුස්ලිම් පල්ලිය වීදිය, සිංහල මහා විදීය ආවරණය කරමින් 'ඩෙංගු මර්ධන වැඩසටහන' ක්‍රියාත්මක කරන ලදී. විශේෂයෙන්ම ප්‍රදේශයේ කාණු පද්ධති, වැසිකිළි පද්ධති හා මදුරුවන් ව්‍යාප්ත විය හැකි සෑම ස්ථානයක්ම පිරිසිදු කර රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන ගුවන් හමුදා කොළඹ කඳවුරේ 'සෙක්ටර් ත්‍රී' කලාපයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් වජිර ජයවර්ධනගේ මූලිකත්වයෙන් පැවැත්විණි.







































