ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශී මූලය පෙරාරු කඳවුරේ වාර්ෂික පරීක්ෂණය

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශී මූලය පෙරාරු කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගිය ජූනි 18 වන දින සිදු කරන ලදී.

පෙරාරු සමූහ අණදෙන නිළධාරි 'විංග් කමාණ්ඩර්' දීප්ති රවිහංස විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. මෙහිදී සම්මානමුර පෙළපාලියේ අණදෙන්නා ලෙස පියාසර නිළධාරි ගිහාන් තුසිත් කටයුතු කළේය.

තවද කඳවුරු පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා නව 'රඹවැව නිවාඩු නිකේතනය' සහ 'ඔසු උයන' විවෘත කළේය. ඉන්පසු එතුමා පොල් පැළ 2000 සිටුවීමේ ව්‍යාපෘතියේ ආරම්භක පියවර ලෙස පැළ 500 සිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමින් මුල්ම පැළය රෝපණය කිරීම විශේෂත්වයකි.

තවද මෙම පරීක්ෂන සංචාරයේදී කඳවුරේ සේවා හා සිවිල් පුද්ගලයින් වෙනුවෙන් 'සුභසාධන වෙළඳසැලක්' සහ 'ගුවන් තුරු සෙවන' නැමැති ස්ථානය විවෘත කිරීමද සිදු විය. අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා කඳවුරේ සියළු නිළයන් අමතා විශේෂ දෙශනයක් පැවැත්විය. 




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.