ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියේ ජය ඒකළ කඳවුරට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලික හා ඒකක කඳවුරු නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් 18ක් අතර පැවැති 'අන්තර් ඒකක රග්බි තරඟාවලිය 2011' හි සූරතාවය හිමි කර ගැනීමට ගුවන් හමුදා ඒකළ කඳවුර සමත් විය.

මෙම අවසාන මහා තරඟය ගුවන් හමුදා ඒකළ කඳවුරු කණ්ඩායම හා කටුනායක රෙජිමේන්තු කණ්ඩායම අතර පසුගිය ජූනි 21වන දින කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  

පළමු අර්ධය අවසන් වන විට කටුනායක රෙජිමේන්තු කණ්ඩායම ලකුණු 8 - 7 ලෙස ඉදිරියෙන් පසු විය. කෙසේ වෙතත් තරඟය අවසානයේදී එකළ කඳවුරු කණ්ඩායම කටුනායක රෙජිමේන්තු කණ්ඩායමට එරෙහිව ලකුණු 15 - 8 ලෙස 'අන්තර් ඒකක රග්බි තරඟාවලිය 2011' සූරතාවය අත්පත් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් ලසිත් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. කටුනායක කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ සහ විධායක ක්‍රීඩා නිළධාරි ගුවන් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු විශේෂ අමුත්තන් ලෙස සහභාගි වූහ. තවද මෙම අවස්ථාවට නිළධාරින්, සෙසු නිළයන් ඇතුළු රැසක් සහභාගි වූහ.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.