'ඉලන් කදිරවන්' පෙර පාසල විවෘත කරයි

'ඉලන් කදිරවන්' පෙර පාසල විවෘත කරයිදසක තුනක් පුරාවට පැවති යුද්ධයේදී විනාශයට පත්වූ 'කේපාපිලව්' ප්‍රදේශයේ 'ඉලන් කදිරවන්' පෙර පාසල අලුත්වැඩියා කර නැවත කුඩා දරුවන් වෙත භාර දීමේ උත්සවයක් පසුගිය ජූනි 21වන දින ගුවන් හමුදා මුලතිව් කඳවුරේ අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් සුලෝචන මාරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තවද පෙර පාසලේ කුඩා දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදා දීමක්ද සිදු විය.

තවදුරටත් 'වට්ටපාලෛ කන්නගි කොවිල්' ආශ්‍රිතව පැවති විශේෂ උත්සවය ජූනි මස 13 වන දින පැවැත්විණි. කඳවුරු අණදෙන නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදා සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් කෝවිල පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක්  පැවැත්විණි.

ගුවන් හමුදාවේ සංකල්පයකට අනුව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මගින් කෝවිලේ කිරුළට 'මල් වර්ෂාවක්' මුදා හරින ලදී. 




Shramadana Event



Festivities at the Wattapalai Kannagi Amman Kovil





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.