ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණය 31 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සිය 31 වන සංවත්සරය 2024 මාර්තු 15 වන දින චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය, ක්‍රීඩා ඉසව් සහ සියලුම බලඝණ නිලධාරීන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ඇතුළු වැඩසටහන් මාලාවකින් සමරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව සියලුම බලඝණ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2024 මාර්තු 11 වන දින අනුරාධපුර බෞද්ධ සංගමය මගින් පාලනය වන "අශෝක" ළමා නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී. අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් ඩියුඊ ද සිල්වා නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද අතර අනතුරුව ළමා නිවාසයේ සිටින දරුවන්ට දිවා ආහාරය ලබාදීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද මෙදින සිදු කරන ලදී.

දින සැමරුම ක්‍රිකට් තරඟාවලියකින් අවසන් වූ අතර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු අමිත ජයමහ ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම දින සැමරුම අවසන් විය. මෙම උත්සවයෙන් අනතුරුව සියලුම බලඝණ නිලධාරීන් සඳහා විනෝදාස්වද වැඩසටහන් සහ දිවා ආහාරය ද ලබා දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.