ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ දන්ත සායන වැඩසටහනක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව සංවිධානය කළ 'මහා සඟරුවන සඳහා වූ දන්ත සායනය' ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රන් ආවුද මණ්ඩපයේදී ජූනි 21 හා 22 දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්විණි.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම නිමිති කරගෙන මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ හා දියවඩන නිළමේ ගරු ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරගේ මූලිකත්වයෙන් මෙම දන්ත සායනය පැවැත්විණි.

මෙහිදී දන්ත වෛද්‍ය ප්‍රතිකාර, මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාම සඳහා වන දේශන රූප මාධ්‍ය අධ්‍යාපන වැඩසටහන් ගුවන් හමුදා දන්ත සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම ඇතුළු දන්ත වෛද්‍ය ඒකකයේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.