අන්තර්-ඒකක බර එසවීමේ ශූරතාවලිය 2024

2024 අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය  2024 මැයි මස 09 වන දින සහ 10 යන දිනයන්හිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ සහභාගී වූවන් 80 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණු අතර ශූරතාවලියේදී ගුවන් හමුදාව වාර්තා කිහිපයකටද හිමිකම් කියන ලදී.

කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම බර කාණ්ඩ අටක් යටතේ මෙම තරගය පවත්වන ලද අතර සමස්ත පිරිමි සහ කාන්තා ශූරතා පිළිවෙලින් ගුවන් හමුදා කඳවුර කොළඹ සහ ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ විසින් හිමිකර ගත් අතර, ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ගුවන් හමුදා කටුනායක කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතාවය හිමිකරගන්නා ලදී. ගුවන් හමුදා කඳවුරේ කොළඹ සැරයන් ජයවික්‍රම එස්.එස්.කේ පිරිමි අංශයේ දක්‍ෂතම එසවුම් ක්‍රීඩකයා ලෙසත්, කාන්තා අංශයේ දක්‍ෂතම එසවීම ක්‍රීඩිකාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හීගුරක්ගොඩ කඳවුරේ නායක ගුවන් කාන්තා අතුකෝරල ඒ.එස්.කේ. සම්මා හිමිකරගන්නා ලදී.
 
අවසන් තරගයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 මැයි 10 ගුවන් හමුදා  ඒකල වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පුහුණු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. අවසන් සැසිය නැරඹීම සඳහා ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිත සභාපති එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.