දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් සමරමින්

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට තම දිවි පිදු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි 'රණවිරු ස්මාරකය' වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ජූලි මස 02 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානීන්, නිළධාරීන්, සෙසු නිළධාරීන් ඇතුළු රැසක් සහභාගී වූහ.

මිය ගිය රණවිරුවන්ගේ  ඥාතීන් හා දූ දරුවන් මේ අවස්ථවට එක්වූ අතර, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදී. අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ගුවන් හමුදාවේ අවසන් උපහාරය දක්වමින් උත්සවය නිමා කරන ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.