අන්තර් ඒකක කබඩි ශූරතාව 2024

අන්තර් ඒකක කබඩි ශූරතාවලිය 2024 ජූනි 04 වන දින සිට 2024 ජූනි 07 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩා ශාලාවේදී පැවැත්විණි. එම ස්ථානයේදීම පැව්ත් වූ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එම්.පී.ඒ මහවත්තගේ මහතා සහභාගී විය.

පිරිමි සහ කාන්තා ශූරතා දෙකම කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ තාක්ෂණික අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් හිමිකර ගන්නා ලදී.

මෙම උත්සවය සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා, ගුවන් හමුදා කබඩි සම්මේලන සභාපති එයාර් කොමදෝරු ඒඩීආර් ලියනාරච්චිගේ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

කාන්තා ශූරතාවලිය


දක්ෂතම ක්‍රීඩකයා
නායක ගුවන් කාන්තා ජයරත්න (කොළඹ ගුවන් හමුදා කඳවුර)

දක්ෂතම ආරක්ෂකයා
නායක ගුවන් කාන්තා ජයරත්න (කොළඹ ගුවන් හමුදා කඳවුර)

දක්ෂතම දුවන්නා
නායක ගුවන් කාන්තා ගුණරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)


පිරිමි ශූරතාව

දක්ෂතම ක්‍රීඩකයා

සැරයන් පුෂ්පකුමාර ඩබ්ලිව්.එම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

දක්ෂතම ආරක්ෂකයා

පළපංති සැරයන් රාජපක්ෂ (කොළඹ ගුවන් හමුදා කඳවුර)

දක්ෂතම දුවන්නා

නායක ගුවන් භට නිෆ්‍රාන් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ තාක්ෂණික අංශය)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.