ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල 2024 ජූනි 12 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් සෙනෙවිරත්න නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන් හට මාර්ගපෙළ ඛන්ඩ සම්මාන මුරයක් පිරිනමන ලදී.

පරීක්‍ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, ඇතුළු සියලුම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු තුළ සිටි සියලුම සේවා පුද්ගලයින් අමතා, පාසල වත්මන් විශිෂ්ඨත්වයට ගෙන ඒම සඳහා නොපසුබස්නා උත්සාහය සහ සමාජ සේවා කටයුතු සඳහා ඔවුන් දක්වන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් අණදෙන නිළධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.