ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා පත් කරන ලදී

එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2024 ජූනි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් 2024 ජූනි 20 ගුවන් හමුදා මූලස්ථානයේ දී අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත සිය සුභ පැතුම් පිරිනැමීය.

එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධයාපනය හදාරා 1989 නොවැම්බර් 14 වන දින කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගනිමින් ඔහු සිය හමුදා සේවා ගමන ආරම්භ කළේය. ඔහු මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීය. 1991 ඔක්තෝම්බර් 14 වන දින ඔහු ගගනගාමී සහ සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිළධාරි නිලයට පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය සේවා කාලය තුළ වසර 16ක් සිය වටිනා සේවය කැප කළ අංක 10 ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී වැනි ප්‍රධාන පත්වීම් රැසක් ඔහු දරා ඇති අතර මාණ්ඩලික නිලධාරී ගගන ඉංජිනේරු I, ගගන ශිල්පී තාක්ෂණික III, සාමාන්‍ය ඉංජිනේරු විද්‍යාව  II, ගුවන් යානා ඉන්ඡිනේරු සඳහා අණ තත්ත්ව සහතික පරීක්ෂක, මෝටර් රථ ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී, සාමාන්‍ය ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, තත්ත්ව සහතික නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ගගන ඉංජිනේරු, අධ්‍යක්ෂ ගගනගාමී ඉංජිනේරු පිරිස් සහ සැලසුම් සහ ගුවන් හමුදා අධ්‍යක්ෂ ජනරාල් ගුවන් ඉංජිනේරු වශයෙන් තනතුරු රාශියක සේවය කර ඇත.

එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ අධ්‍යාපනික පරිපූර්ණත්වය කරා යන ගමනේදී, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, කොතලාවල රක්ෂක විශ්ව විද්යාලයේ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු සන්ධිස්ථාන රැසක් සම්පූර්ණ කර ඇත. ඔහු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ගුවන් යානා නඩත්තු ඉංජිනේරු බලපත්‍රයකටද හිමිකම් දරන අතර ඔහුගේ විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් “උත්තම සේවා පදක්කම” පිරිනමා ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.