අන්තර් ඒකක ක්‍රිකට් ශූරතාව 2024

2024 අන්තර් ඒකක ක්‍රිකට් පිරිමි සහ කාන්තා ශූරතාවය  2024 ජුනි 24 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අවසන් විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

කොළඹ ගුවන් හමුදා කඳවුර පිරිමි ශූරතාව දිනාගත් අතර කාන්තා ශූරතාවට කටුනායක ගුවන් හමුදා කඳවුර දිනා ගන්නා ලදී. පිරිමි අවසන් මහා තරගයේදී ගුවන් හමුදා රත්මලානේ කඳවුර ඕවර 15.2කදී ලකුණු 63/10ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ගුවන් හමුදා කඳවුර පන්දුවාර 16.3කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය සනිටුවහන් කරන ලදී. කාන්තා අවසන් මහා තරගයේදී ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල ඕවර 05කදී ලකුණු 92/3ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුර පන්දුවාර 05කදී රැස් කළේ ලකුණු 76/2ක් පමණි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ක්‍රිකට් සම්මේලන සභාපති එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩොර් ඩබ්.ඒ.එස්.බී.වීරසේකර යන නිළධාරීන් සහභාගී විය.

ප්රතිඵල සාරාංශය


පිරිමි

අවසන් තරගයේ ක්‍රීඩකයා
විංග් කමාන්ඩර් ඊආර් බි අබේසේකර
තරගාවලියේ ක්‍රීඩකයා
බළපංති සැරයන් පෙරේරා ඩබ්ලිව්.ඩී.ඩී.එස්

කාන්තා

අවසන් තරගයේ ක්‍රීඩිකාව
කෝප්‍රල් ප්‍රියංගිකා ඩබ්ලිව්.එල්
තරගාවලියේ ක්‍රීඩිකාව
ගුවන් කාන්තා කුෂානි ඩබ්ලිව්.ඩී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.