2024 කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළිය ඊගල්ස්ගේ ගොල්ෆ් ලින්ක්හිදී අවසන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් ''DIMO''සමාගමේ අනුග්‍රහකත්වය සහ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව කටයුතු කරමින්  තෙවන  වරටත්  සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ සහභාගී වු අතර එහිදි ප්‍රසාද ලකුණු 308 ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙම තරගාවලියේ දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ ගෘෘප් කැප්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දූ විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න විසින්ද, දක්ෂතම ළගම පහරට සහ දුරම පහරට හිමි කුසලාන දෙකම (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ සදූනී වනසිංහ ක්‍රීඩිකාව විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම ලකුණු ලබාගත් ක්‍රිඩකයාට හිමි සම්මාන ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රිඩා සමාජයේ අස්ලාම් මහතාද දිනා ගන්නා ලදි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.