ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 18 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ පිහිටි ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය (ADC&CC) සිය 18 වන සංවත්සරය 2024 ජූලි 01 වව දින අභිමානවත් සෙල සමරන ලදී. ජාතික ගුවන් ආරක්ෂක ජාලයේ ප්‍රමුඛ මධ්‍යස්ථානය ලෙස ජාතියට සේවය කිරීමේ මූලික අරමුණ ඇතිව ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 2006 දී පිහිටුවන ලදී. පසුගිය වසර 18 තුළ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය සිය හැකියාවන් වර්ධනය කර ඇති අතර ආරම්භයේ සිටම ජාතික ආරක්ෂාව සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.සී ප්‍රනාන්දු විසින් එය සමාලෝචනය කරන ලද පෙළපාලියකින් අනතුරුව සැමරුම් දින  ආරම්භ වූ අතර සියලුම බලඝණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කඳවුරු ක්‍රීඩා පිටියේදී සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් පවත්වමින් සැමරුම් දින කටයුතු අවසන් කරන ලදී.

සැමරුම් දිනයට සමගාමීව පොසොන් පොහොය දින කඳවුරු පරිශ්‍රයේ බෝධි පූජාවක් සහ බණ වැඩසටහනක් පවත්වන ලද අතර 2024 ජුනි 24 වන දින මීරිගම දුම්රිය ස්ථානයේ පිරිසිදු කිරීම වැඩසටහනක් හා 2024 ජූනි 27 වන දින මීරිගම 'ශාසනවර්ධන මහාබෝධි ළමා නිවාසයේ' ප්‍රතිසංස්කරණ කිරීම හා ළමුන් සඳහා ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. අනතුරුව චිත්‍රපට රාත්‍රියක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළු උත්කර්ෂවත් වැඩසටහනක් ද පවත්වන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.