අන්තර් ඒකක පාපන්දු ශූරතාව - 2024

2024 අන්තර් ඒකක පාපන්දු ශූරතාවලිය 2024 ජූලි 02 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. අවසන් තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය පුහුණු පාසල් පාපන්දු පිටියේදී පැවැත්වුනු අතර, එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. සමස්ත කාන්තා කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසල විසින් හිමිකර ගත් අතර අනුශූරතාවය ගුවන් හමුදා කටුනායක කඳවුර විසින් දිනා ගන්නා ලදී. පිරිමි අංශයේ දී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පිරිමි කණ්ඩායම ශූරතාවය හිමිකරගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

කාන්තා

දක්ෂතම ක්‍රීඩිකාව
ගුවන් කාන්තා යටිවැල්ල (ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල)

හොඳම ගෝල රකින්නා

ගුවන් කාන්තා ඒකනායක (ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල)

වැඩිම ගෝල ලාභියා
කෝප්‍රල් මයුරි (ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල)

පිරිමි

දක්ෂතම ක්‍රීඩකයා
නායක ගුවන් භට ලංකේසර (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)

හොඳම ගෝල රකින්නා
නායක ගුවන් භට සිරිසේන (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)

වැඩිම ගෝල ලාභියා
සැරයන් දිසානායක (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.