අන්තර් ඒකක කැරම් ශූරතාව - 2024

2024 අන්තර් ඒකක කැරම් ශූරතාවලිය 2024 ජූලි 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම සිදු කරන ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා සහභාගි විය.

මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර කාන්තා කණ්ඩායම් 11ක් සහ පිරිමි කණ්ඩායම් 13ක් ශූරතාවලිය සදහා තරග වැදුණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර 2024 වසර සඳහා පිරිමි සහ කාන්තා ශූරතාවය හිමිකරගත් අතර ගුවන් හමුදා කටුනායක කඳවුර සහ ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තාක්ෂණික සැකසුම් කණ්ඩායම පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශ සඳහා අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයන්හි දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර නියෝජනය කරන සැරයන් මදුරාවේ පීබී සහ සැරයන් ජීවනි ආර්.පී. සම්මාන හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමන්, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිළධාරීන්, සෙසු නිළයින් සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.