ඓතිහාසික දීඝවාපිය ස්ථූපයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ උත්සවයට ගුවන් හමුදාපතිතුමන් සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දීඝවාපිය සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම 2024 ජූලි 14 වන දින සිදු විය. මෙම උත්සවය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2020 දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ස්ථූපය වන දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. උත්සවයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධාතූන් වහන්සේ දීඝවාපිය සෑයේ තැන්පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ඊට සමගාමීව ගුවන් හමුදාවේ බෙල්-212 හෙලිකොප්ටරය ගුවනින් හෙලන ලද මල් වැස්සකිින්පුෂ්පෝපහාර දැක්වීය.

සර්වඥ ධාතු ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය සහ දානශාලාව මහා සංඝරත්නය වෙත පූජා කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු. සාගල රත්නායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හා නාවික හමුදාපතිවරු, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුඵ ප්‍රභූන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

ප්‍රධාන චාරිත්‍රානුකූල කටයුතුවලට අමතරව දීඝවාපිය ප්‍රදේශයේ පිහිටි ගිනිහල්ගෙය සහ ධාතු මන්දිරය ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අලුයම විවෘත කරන ලදී. 'ගිනිහල්ගෙය' ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අතර 'ධාතු මන්දිරය' සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද්දකි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.