නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරයි

මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මායිම්ව සියඹලාන්ඩුව පොතුවිල් මාර්ගයේ  කි.මී 19කින්  පසුව හමුවන  ලාහුගල නම් ඝර්ම කලාපීය  ප්‍රදේශයේ  පිහිටා ඇති මෙතෙක් ධාතු කරඬු වැඩිම ප්‍රමානයක් තැන්පත්ව තිබූ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ පුරාවෘතයක් ලෙස හැදින්විය හැකි ‌‌‌‌ඓතිහාසික නීල ගිරි මහා සෑයේ  සර්වඥ ධාතුන් වහන්සේලා  තැන්පත් කිරීම ආරක්ෂක ‌ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා  ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ  මැතිතුමන්ලාගේ  සහභාගීත්වයෙන්  2024 ඡූලි මස 15 වන දින   සිදුවිය.

ශ්‍රි ලංකා  ගුවන් හමුදා පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලැබූ  නැගෙනහිර පලාතේ පිහිටා ඇති අඩි 215 ක උසකින් හා අඩි 104ක පරිදියකින් යුත් මෙම නීලගිරි දාගැබේ ධාතු තැන්පත් කිරීමේ ‌ඓතිහාසික පූඡොත්සවය  හේවිසි පූඡා මධ්‍යයේ  පැවැත්විණි.

මෙම ‌ඓතිහාසික අවස්ථාවට ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය  ශ්‍රී ලංකා කල්‍යානි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිපූඡ්‍ය පහල විටියල ඡනානන්ද අනුනායක මාහිමිපානන් වහන්සේ,නාඋයන ආරන්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය අතිපූඡ්‍ය අගුල් ගමුවේ අරියනන්ද මාහිමිපානන් වහන්සේ, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහාපන්ඩිත අතිපූඡ්‍ය  මකුලෑවේ විමල මහා නායක මා හිමි පානන් වහන්සේ, යුද හමුදාපති ලුතිනන් ඡෙනරාල් විකුම් ලියනගේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඡෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඡෙනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් යන මහත්වරුන්  හා සංඝරත්නය ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක්  සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.