ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂික ක්‍රිස්තියානි අනුස්මරණ දේව මෙහය පවත්වනු ලබයි

මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගය කළ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම අභීත රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගුවන් හමුදා ක්‍රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජූලි 19 වන දින බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්විණි. සමස්ත උත්සවය සුභසාධන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර විසින් සම්බන්ධීකරණය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජාතියේ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් දිවි පිදූ අයගේ පවුල්වල සාමාඡිකයින්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයන් පිරිසක්  ෙමම අවස්ථාවට සහභාගී විය.

කිතුනු ඇදහිල්ලේ සියලුම ප්‍රධාන නිකායන් නියෝජනය කරමින් කිතුනු පූජකවරු මෙම දේව මෙහෙයට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ලක් අඹර ආරක්ෂා කිරීමට ගුවන් හමුදාපතිතුමන් අතුළු සියලුම සාමාජිකයින්ට දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලා සිටියහ. එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනවිරත්න පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර විංග් කමාන්ඩර් රුවන් ගුණවර්ධන කැපවීමේ යාඥාව කියවීමල ස්කොඩ්‍රන් ලීඩර් ඩිෂානි මොරායස් විසින් පළමු කියවීම සිංහල භාෂාවෙන් ද, ගුවන් කාන්තා ඈන් ස්වප්නා විසින් දෙවන වර කියවීම දෙමළ භාෂාවෙන් ද සිදු කරන ලදී.

ගුවන් හමුදාවේ සියලුම කඳවුරු සහ ගුවන් හමුදා විද්‍යාපීඨය නියෝජනය කරන ධජයන් වෙත ආශිර්වාද ලබා දීම මෙම දේව මෙහෙයේ සුවිශේෂී අංගයක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.