ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ සහයෙන් වනාන්තරයේ ගින්න නිවා දමන ලදී

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ එක් නිලධාරියෙකු සහ ගුවන් භටයින් 16 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් විසින් 2024 ජූලි 22 වන දින විලිමඩ, ලුණුවත්ත, කොරදෙකුබුර වනාන්තර ප්‍රදේශයේ පැතිරී ගිය විශාල ලැව් ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.

ගින්න සම්බන්ධයෙන් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අලුයම තොරතුරු ලබා දෙන ලද අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි නිළධාරීන් සහ ගුවන් භටයින් කඩිනමින් නියමිත ස්ථාන වෙත ගොස් දින දෙකක් පුරා පැවත් ගින්න පාලනය කිරීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.