ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ගුවන් හමුදාධිපති තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්

සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ‍්‍රි ලාංකීය ලක් අඹර සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරනු ලබන ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කාර්‍යට උරදීම සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු, සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 78 වන ශිෂ්‍ය නිලධාරී පාඨමාලාව (වෛද්‍ය, නීති, සිවිල් ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු) සහ අංක 35 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිළධාරී පාඨමාලාව (වෛද්‍ය) හැදෑරූ නිළධාරීන්, නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී 2024 ජුලි මස 29 වන දින අභිමානවත් අයුරින් සිදු විය.

ගුවන් හමුදා කැඩෙට් නිළධාරි පාඨමාලාව විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිළධාරී වශයෙන් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් කනිශ්ක ජයසේකර නිළධාරිතුමන් කටයුතු කරනු ලැබු අතර, මෙහිදි අංක 78 ශිෂ්‍යය නිළධාරී පාඨමාලාවේ ශිෂ්‍යය නිළධාරීන් 06 දෙනෙකු, ශිෂ්‍යය නිළධාරිනියන් 10 දෙනෙකු සහ අංක 35 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිළධාරී පාඨමාලාව හැදැරු කැඩෙට් නිළධාරීන් 12 දෙනෙකු ඇතුලුව ශිෂ්‍යය නිළධාරීන්, නිළධාරිනියන් හා කැඩෙට් නිළධාරීන් 28 දෙනෙකු අධිකාරියට පත් කිරිම සිදු විය.

මෙම විසිරයාමේ උත්සවය සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තුමන් ඇතුලූ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් හා ආධුනික කෙඩෙටි නිළධාරින්ගේ/ නිළධාරිනියන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගී වීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.