කොළඹ අන්තර්ජාතික පෙර පාසලේ ක්‍රීඩා උත්සවය 2011

කොළඹ අන්තර්ජාතික පෙර පාසලේ ක්‍රීඩා උත්සවය 2011 පසුගියදා ගුවන් හමුදා කොළඹ
කදවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

ජාතික ධජය ඔසවා පාරම්පරික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කරන ලදී. එහිදී කුඩා දරුවන් විසින් සංවිධානය කර තිබු සංදර්ශන කාගෙත් සිත්ගත් අතර දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් ගණනාවක් සංවිධානය කර තිබිණි. ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ මෙන්ම කදවුරු අවට ජීවත් වන ප්‍රදේශවසීන්ගේ දරුවන්ටද ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය ලබා දීමේ අරමුනින් ගුවන් හමුදා සෙවා වනිතා ඒකකය මෙම පෙර පාසල් ජාලය බිහි කරන ලදී.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මහත්මිය ප්‍රධාන අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී අතර කොළඹ කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදොඅරු විජිත ගුණ්‍රත්නද අවස්ථාවට සහභගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.