අන්තර් ඒකක අත්පන්දු ශූරතාව 2024

2024 අන්තර් ඒකක අත්පන්දු ශූරතාවලිය 2024 ජූලි 24 වන දින සිට 2024 ජූලි 29 වන දින දක්වා කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විණි. අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය 2024 ජූලි 30 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් වී.බී එදිරිසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර කාන්තා ශූරතාව දිනාගත් අතර පිරිමි ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලදී. තවද, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ ගුවන් හමුදා රත්මලාන කඳවුර පිළිවෙලින් කාන්තා සහ පිරිමි අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

මෙම උත්සවයට ගුවන් හමුදා අත්පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් ඩීආර් ඩබ්ලිව් ජයවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එච්ඩබ්ලිව්ආර් චන්දිම, ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් යූසීජේ පියසේන, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රථීඵල සාරාංශය


කාන්තා

දක්ෂතම ගෝල රකින්නා - නායක ගුවන් කාන්තා ප්‍රියදර්ශනී ඩී.එස් (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා සුදුසිංහ එස්ඊ (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

පිරිමි

හොඳම ගෝල රකින්නා - නායක ගුවන් භට ගයන්ත එම්.කේ (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකයා - කෝප්‍රල් කෞෂල්‍ය එච්යුටී (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.