ඉරණමඩු ගුවන් හමුදා කඳවුර 13 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර සිය 13 වන සංවත්සරය 2024 අගෝස්තු 03 වන දින සමරන ලදී. සංවත්සර දින සැමරුම චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ විය. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීජීපීඑල් ජයතිලක නිළධාරීතුමන් විසින් කඳවුරේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතන ලද අතර කඳවුරේ පෙර සේවය කල අණදෙන නිලධාරීන්, නිළධාරීන්ට මෙන්ම සියළුම සාමාඡිකයින්ට සිය කෘතඥතාව පුද කරන ලදී

සංවත්සර උත්සවයට සමගාමීව වට්ටකච්චි රෝහලේ කාර්ය මණ්ඩල විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර  සෞඛ්‍ය සම්පන්න පරිසරයක් කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී. ඊට අමතරව සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සාමාඡිකයින් අතර සුහදතාවය ගොඩනැගීම සඳහා ක්‍රිකට් සහ පාපන්දු තරඟ සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.