රත්මලාන ගුවන් හමුදා කඳවුර අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2024 අගෝස්තු 02 දින පෙළපාලිය චතුරශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස්. ලංකාතිලක නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් පීඑල් ගුණවර්ධන නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.  

නික්ම යන අණදෙන නිලධාරි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා මූලස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.