මොන්ටානා ප්‍රාන්තයේ සහකාර ජෙනරල් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

මොන්ටානා ප්‍රාන්තයේ සහකාර ජෙනරාල් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් පීට් හ්‍රොනෙක් මහතා 2024 අගෝස්තු 07 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

දැනට ක්‍රියාත්මක වන 'ඇට්ලස් ඒන්ඡල්' අභ්‍යාසය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමඟ අනාගත ආරක්ෂක සහයෝගීතාවය සහ පුහුණු අවස්ථා පිළිබඳව වැදගත් කරුනු සම්බන්ධව සාකඡ්චා කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඇන්තනි නෙල්සන්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිතයන් කිහිප දෙනෙකු ද සහභාගි වූහ. සුහද සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කැන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.