අංක.23 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක.94 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සදහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 23 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 94 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ඇස්ට්‍රා ශාලාවේදී පවත්වන ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජනරාල් සුභසාධන, එයාර් වයිස් මාර්ෂල් පී.එස්.එන් ප්‍රනාන්දු නිලධාරීතුමන්ගේ සහභාගී විය.

සති 14ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් ශක්තිමත් අධ්‍යාපනික හැඟීමකින්, කාර්යක්‍ෂම කළමනාකාරිත්ව කුසලතාවකින් සහ තියුණු නායකත්ව ලක්ෂණවලින් මනාව හැඩගැන්වීමයි. රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඇතිව පවත්වන ලද මෙම පාඨමාලාව  සුදුසුකම් ලත් අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණ සහතික ප්‍රදානය කිරීමෙන් අවසන් විය.

අංක 23 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 94 සිංහල මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 65 දෙනෙකු සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 57 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් එක් නිලධාරියෙකු හා මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු එම පිරිසට ඇතුලත් විය. මෙම උත්සවයේ දී පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් සම්මානලාභීන් 125 දෙනෙකුට සහතික පත් ලබා ගන්නා ලදී.

අංක 23 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීයාට හිමි සම්මානය සැරයන් දේවින්ද සහ කෝප්‍රල් ගලප්පත්ති හිමිකරගත් අතර අංක 94 දරණ සිංහල මාධ්‍ය පාඨමාලාවේදී පිළිවෙළින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස පියාසර සැරයන් ලක්මාල් සහ කෝප්‍රල් කුමාරසිංහ  සම්මානයට පාත්‍ර වූහ.

සම්මානලාභීන් අංක 23 ඉංග්‍රීසි මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ පාඨමාලාව

සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
සැරයන් දේවින්ද

සෑම අතින්ම දක්ෂතම කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
කෝප්‍රල් ගලප්පත්ති

කළමනාකරණ අංශයේ හොඳම දක්ෂතම ශිෂ්‍යයා
කෝප්‍රල් දිසානායක

දක්ෂතම මහජන කථිකයා
සැරයන් දේවින්ද

දක්ෂතම මහජන කථිකයා

කෝප්‍රල් දිසානායක

සම්මානලාභීන් - අංක 94 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ පාඨමාලාව

සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා

බළපංති සැරයන් ලක්මාල්

සෑම අතින්ම දක්ෂතම කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා

කෝප්‍රල් කුමාරසිංහ

කළමනාකරණ අංශයේ දක්ෂතම ශිෂ්‍යයා

බළපංති සැරයන් දිසානායක

දක්ෂතම මහජන කථිකයා ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
සැරයන් කරුණාරත්න

දක්ෂතම මහජන කථිකයා කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
කෝප්‍රල් කුමාරසිංහ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.