ගුවන් හමුදා ‌“AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය ත්‍රිකුණාමලයේදි

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය විසින් සංවිධානය කරන ලද 'AERO BASH 2024' අධ්‍යාපනික, තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු 22 ආරම්භ විය. ප්‍රදර්ශනය 2024 අගෝස්තු 26 දක්වා විද්‍යාපීඨය පරිශ්‍රයේ පැවැත්වේ.

“AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය සදහා දිවයිනේ සියලුම රඡයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් මෙන්ම ව්‍යාපාරික ආයතන, තාක්ෂණික ආයතන ඇතුලු අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි රැසක් ඉදිරිපත් කිරිමට නිමිතව ඇත. තවද මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ දි ගුවන් හමුදාව විසින්  පැරිෂුට් සංදර්ශන. සරඔ සංදර්ශන, ගිනි නිවිමේ නිදර්ශනාත්මක සංදර්ශන, හදිසි මුදවා ගැනිම් පිළිබද නිදර්ශනාත්මක සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුලු ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කිරිමට නියමිතව ඇත

මෙම “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනයේදි ගුවන් හමුදාව විසින් නැගෙනහිර පලාතේ ප්‍රථම වතාවට “ටැන්ඩම් ඡම්ප්ස්” (Tandem Jump) ත්‍රාසජනක ක්‍රිඩාව සිදුකිරිමට නියමිතව අතර ඒ සදහා  ත්‍රාසජනක ක්‍රිඩා සදහා විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයන් සදහා මෙන්ම දේශිය හා විදේශික සංචාරකයන් සදහාද සුවිශේෂි අත්දැකිමක් ලබාගැනිමේ අවස්ථාව උදාකර දි  ඇත  

“AERO BASH 2024”  අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සවස 0300 පැයට මෙම ප්‍රදර්ශනය ආරම්භවිමට නියමිතව ඇති අතර  සන්ධ්‍යාවේදී වෙළද ප්‍රදර්ශන ඇතුළුව සියළු දෙනාගේම විනෝදාශ්වාදය වෙනුවෙන් සංගිත ප්‍රසංග ඇතුලු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට ගුවන් හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.