මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකායන් විසින් පවත්වන ලද අංක-06 සහ රෙජිමේන්තු විශේෂ බලකා සහ විදේශිය පුද්ගලයින් සඳහා සෙවීම සහ මුදවාගැනීමේ පාඨමාලාව

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා (RSF) පුහුණු පාසල 2024 ජූලි 15 සිට 2024 අගෝස්තු 27 දක්වා සෙවීම සහ මුදවාගැනීමේ  පාඨමාලාවක් පවත්වන ලදී. මෙම පාඨමාලාව සදහා විදේශ පුහුණු නිලධාරීන් දෙදෙනෙකු (02) ඇතුළුව ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් 32කු සහභාගී විය..

මෙම පාඨමාලාවට සහභාගී වන්නන් සඳහා සෙවීම් සහ මුදවාගැනීමේ විෂය නිර්මාණය කර ඇත්තේ මිත්‍රශීලී විදේශ රටවල සන්නද්ධ හමුදාවන් සමඟ සෙවුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ අන්‍යෝන්‍ය දැනුම සහ පළපුරුද්ද වැඩිදියුණු කිරීම සඳහා ය. පාඨමාලාව පුරාවට මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර (HADR), මුහුදෙ සිදු කරන ගලවාගැනීම්, උස් ස්ථාන වල මුදාගැනීම්, නාගරික ගලවා ගැනීමේ මෙහෙයුම්, ඉහළ උන්නතාංශ පුහුණු අදියර, කුළුණු මත පුහුණුව, අනතුරු කළමනාකරණය සහ සටන් ප්‍රථමාධාර ඇතුළු විවිධ අභ්‍යාසයන් ආවරණය කරන ලදී. මීට අමතරව, කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ දියතලාව මැනුම් හා සිතියම්කරණ ආයතනයේ වැඩමුළුවලට සහභාගි විය.

සමාප්ති උත්සවය 2024 අගෝස්තු මස 27 වන දින ගුවන් හමුදා මොරවැව කදවුරේ දී පවත්වන ලද අතර, එම අවස්ථාවට සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය නිලධාරිතුමන් සහභාගී විය. රෙජිමේන්තු විශේෂ බළකා පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර විසින් ඔහු පිළිගනු ලැබු අතර පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ අභ්‍යාසලාභීන් හට සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.