විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් කාන්තා ශිෂ්‍යභට සවින්දි ජේ.එම්.එස්. වෙත උපහාර පුද කරයි.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වෙනිසියුලාවේ පැවති 4 වන  ලොක හමුදා ක්‍රීඩා උළෙලෙහි දැක්වූ දක්ශතා වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් 2024 අගෝස්තු 28 වන දින ශිෂ්‍යභට නිලධාරිනී සවින්දි  වෙත උපහාර පුද කරන ලදී.

ගුවන් හමුදා කාන්තා ඡල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වන ශිෂ්‍යභට නිලධාරිනී සවින්දි ජේඑම්එස් මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර ඉසව්වලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන ඇති ඇය රුසියාව, චීනය සහ වෙනිසියුලාව ඇතුළු ප්‍රමුඛ රටවලට එරෙහිව තරඟ කර ඇයගේ සුවිශේෂී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරඇත.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශිෂ්‍යභට නිලධාරිනි සවින්දි ජේඑම්එස් ඇයගේ සුවිශේෂී දක්ශතා වෙනුවෙන් සුභාශිංසන එක් කළ අතර, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම සදහා ඇයව දිරිමත් කරන ලදී. තවද, ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාවේ කීර්තිය ඉහළ නැංවීම සඳහා ඇයගේ දායකත්ව තුලින් ඉදිරියටත් ගුවන් හමුදා කීර්ති නාමය ඉහළට ඔසවා තැබීමට හැකි සුවිශේෂී දක්ෂතාවයන් දක්වන ලෙස ඉල්ලා සිටියේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.