ගුවන් හමුදාධිපතිතුමන් විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ වාර්ශික පරීක්ෂාව සිදු කරනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 අගෝස්තු 29 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන්  හමුදාධිපතිතුමන්ගේ වාර්ශික පරීක්ෂාව සිදු කරන ලදී. ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජගත් ගොඩකන්ද විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම ස්ථාන නිරික්ෂණය කරනු ලැබූ අතර කැටලිනා ගොල්ෆ් තරඟාවලිය සහ ඊගල්ස් ස්කයිඩයිව් ඇඩ්වෙන්චර් සමාඡය වැනි නිවාඩු නිකේතන තුලින් සංචාරක කර්මාන්තයේ දියුණුවට දායක වීමේ ඇති වැදගත් කාර්යභාරය පිලිබද දැනුවත් කළේය. මීට අමතරව, සේවා පුද්ගලයින්ගේ කාර්යක්ෂමතාව සහ දැනුම වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා වූ දැක්ම ගුවන් හමුදාධිපතිතුමන් හට ඉදිරිපත් කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයකදී බලාපොරොත්තු වූ ප්‍රමිතියට අනුව කදවුර සකස් කිරීම සඳහා දරන ලද වෙහෙස මහන්සිය වෙනුවෙන් කදවුරු අණදෙණ නිලධාරිතුමන් ඇතුලු සෙසු නිලයන් අගය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.