ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ වාර්ෂික පරීක්ෂාව සිදුකරනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු වාර්ෂික පරීක්ෂාව 2024 අගෝස්තු 29 වන දින සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.පී.අබේවික්‍රම විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පරීක්ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලුම ස්ථානවල සංචාරය කළ අතර දේශීය නිරීක්ෂණ ඩ්‍රෝන යානය ඇතුළුව AR&DW විසින් සිදු කරන ලද විවිධ ව්‍යාපෘති පරික්ෂාවට ලක් කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේ දී ගුවන් හමුදාධිපතිතුමා විසින් කඳවුරට සහ ගුවන් හමුදාවට කරන ලද සුවිශේෂී දායකත්වය අගයමින් පහත සඳහන් පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

කෝප්‍රල් හිගුරගේ ඩී (මෙහෙයුම් භූමි II)
නායක ගුවන් භට දිසානායක  (මෙහෙයුම් භූමි II)

ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිවිල් සේවා පුද්ගලයින් ඇතුළුව කඳවුරේ සියලුම සාමාඡිකයින් ඇමතූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ප්‍රධාන ගුවන් පර්යේෂණ කදවුර ලෙස කටයුතු කරන බව අවධාරණය කළේය.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරීතුමන් සහ සෙසු සාමාඡිකයින් ගුවන් හමුදාධිපතිතුමන් වාර්ශික පරික්ෂනයේදී බලාපොරොත්තු වූ ප්‍රමිතියට අනුව කඳවුර සකස් කිරීම සඳහා දරන ලද වෙහෙස මහන්සිය අගය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.