ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් (NDC) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත පිරිස 2024 සැප්තැම්බර් 02 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සම ලේකම් සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක කාර්ය මණ්ඩලය වන ශ්‍රී විජේ නේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස නිලධාරීන් 21 දෙනෙකුගෙන් ඇතුළු පිරිසකගෙන් සමන්විත විය.

දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය සහ කර්තව්‍යය යන මැයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් කොමඩොර් නිපුන තනිප්පුලිආරච්චි විසින් ඉදිරිපත් කිරීමක් සිදුකල අතර අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසිය ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.