ඉන්දියානු ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු "TARANG SHAKTHI" ගුවන් සටන් අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Beechcraft ගුවන් යානය

ඉන්දියානු ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු  "TARANG SHAKTHI" ගුවන් සටන් අභ්‍යාසය  සදහා   ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Beechcraft ගුවන් යානය ද  එක්වු අතර මෙම අභ්‍යාසය සදහා  රටවල් 11ක්  නියොජනය කරමින් ගුවන් යානා 150 ක් පමණ සහභාගි වන ලදි  .

TARANG SHAKTHIගුවන් සටන් අභ්‍යාසයෙහි පළමු අදියර 2024 අගෝස්තු 6 සිට 14 දක්වා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Sulur ගුවන් හමුදා කදවුරේදි  සාර්ථකව පැවැත්වු අතර  දෙවන සහ අවසාන අදියර රාජස්ථානයේ Jodhpur ගුවන් හමුදා කඳවුරේදී  2024 සැප්තැම්බර් 14 පවත්වන ලදි . මෙම  සටන් අභ්‍යාසයේ සෑම අදියරක් සදහාම  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය සක්‍රීයව දායකත්වය ලබාදෙන ලදි

ගෝලීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණු ඇතිව ඉන්දියාව විසින් මෙතෙක් පවත්වන ලද විශාලතම ජාත්‍යන්තර ගුවන් අභ්‍යාසය වන TARANG SHAKTHI   අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වීම තුලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජාත්‍යන්තර  හමුදා සබඳතා ශක්තිමත් කරගැනිමේ අවස්ථාව මෙන්ම  ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් හා  ගුවන් භටයින් සඳහා සුවිශේෂි  අත්දැකිම් ලබාගැනිමේ අවස්ථාවක් උදාවන ලදි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.