අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2024

අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2024 සැප්තැම්බර් මස 02 වන දින සිට 2024 සැප්තැම්බර් මස  04 වන දින දක්වා ගුවන් හමුදා  කටුනායක කඳවුරු ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් ටී.අයි. ප්‍රනාන්දු මහතා සහභාගී විය.

එහිදී,  පිරිමි අංශයේ සමස්ත ශූරතාවය අනුරාධපුර ගුවන් හමුදා කඳවුර දිනා ගන්නා ලද අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර විසින් අනුශූරතාව හිමිකරගන්නා ලදි,  කාන්තා අංශයේ සමස්ත ශූරතාව  ගුවන් හමුදා කටුනායක කඳවුරට හිමි වූ අතර අනුශූරතාව ගුවන් හමුදා රත්මලාන කඳවුරට හිමි කර ගැනීමට සමත් විය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩී.බී.වී වීරසිංහ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එස්.ඩී.ජී.එම් සිල්වා, ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් එම්.ඒ.ඩී.සී.අයි. ගුණසිංහෙ ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

පිරිමි
කිලෝ ග්‍රෑම් 45 ට අඩු
ප්‍රථම ස්ථානය නායක ගුවන් භට පතිරණ (ගුවන් හමුදා රත්මලාන කඳවුර)
දෙවන ස්ථානය ගුවන් භට නිශ්ශංක (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ)

කිලෝ ග්‍රෑම් 50 ට අඩු
ප්‍රථම ස්ථානය  නායක ගුවන් භට තිලකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ)
දෙවන ස්ථානය නායක ගුවන් භට කෝට්ටේවත්ත (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)
තෙවන ස්ථානය ගුවන් භට විද්‍යාගරන්  (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ )

කිලෝ ග්‍රෑම් 55 ට අඩු
ප්‍රථම ස්ථානය  නායක ගුවන් භට දිසානායක  (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
දෙවන ස්ථානය  නායක ගුවන් භට ප්‍රනාන්දු (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල ඒකල කඳවුර)
තෙවන ස්ථානය සැරයන් දිසානායක   (ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කඳවුර)
තෙවන ස්ථානය  නායක ගුවන් භට කසුන්කුමාර (ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර)

කිලෝ ග්‍රෑම් 60 ට අඩු
පළමු ස්ථානය කෝප්‍රල් සදුන්කුමාර (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය කෝප්‍රල් චතුරංග (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)
තෙවන ස්ථානය කෝප්‍රල් සේනාරත්න (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
තෙවන ස්ථානය කෝප්‍රල් තිලකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)

කිලෝ ග්‍රෑම් 66 ට අඩු
පළමු ස්ථානය  නායක ගුවන් භට උනන්තන්න  (ගුවන් හමුදා කටුනායක කඳවුර)
දෙවන ස්ථානය  සැරයන් ලියනගේ  (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
තෙවන ස්ථානය ගුවන් භට බණදරා (ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)
තෙවන ස්ථානය  නායක ගුවන් භට නයනජිත්  (ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර)

කිලෝ ග්‍රෑම් 73 ට අඩු
ප්‍රථම ස්ථානය ස්කොඩ්‍රන් ලීඩර්  පෙරේරා (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
දෙවන ස්ථානය  නායක ගුවන් භට ගලප්පත්ති (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
තෙවන ස්ථානය  නායක ගුවන් භට සෙනුක (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
තෙවන ස්ථානය කෝප්‍රල් ශෂිලාල්  (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

කිලෝ ග්‍රෑම් 81 ට අඩු

ප්‍රථම ස්ථානය සැරයන් වීරසූරිය  (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
දෙවන ස්ථානය  නායක ගුවන් භට චන්ද්‍රකාන්ත (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)
තෙවන ස්ථානය  නායක ගුවන් භට ඩිලක්ෂිකා  (ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)
තෙවන ස්ථානය  නායක ගුවන් භට සේනාධීර  (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

කිලෝ ග්‍රෑම් 90 ට අඩු

ප්‍රථම ස්ථානය සැරයන් අසංක (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසල ඒකල)
දෙවන ස්ථානය සැරයන් මහේෂ් කුමාර (ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)
තෙවන ස්ථානය සැරයන් ඒකනායක (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
තෙවන ස්ථානය  නායක ගුවන් භට ලක්මාල් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)

කිලෝ ග්‍රෑම් 100kg ට අඩු
ප්‍රථම ස්ථානය  නායක ගුවන් භට කුමාර (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
දෙවන ස්ථානය  නායක ගුවන් භට වනිගසේකර (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ )
තෙවන ස්ථානය  නායක ගුවන් භට පෙරේරා (ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර)
තෙවන ස්ථානය සැරයන් ෆැනන්ඩෝ (ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)

කිලෝ ග්‍රෑම් 100 kg ට වැඩි

ප්‍රථම ස්ථානය කෝප්‍රල් හේරත් (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ )
දෙවන ස්ථානය  නායක ගුවන් භට ගයන්ත (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුර)
තෙවන ස්ථානය කෝප්‍රල් ලක්මාල් (රත්මලාන ගුවන් හමුදා කඳවුර)

කාන්තා
කිලෝ ග්‍රෑම් 44 ට අඩු
ප්‍රථම ස්ථානය නායක ගුවන් කාන්තා හංසි (ගුවන් හමුදා කටුනායක කඳවුර)
දෙවන ස්ථානය නායක ගුවන් කාන්තා විජේතුංග (ගුවන් හමුදා කටුනායක කඳවුර)
තෙවන ස්ථානය නායක ගුවන් කාන්තා ගුණතිලක (ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.