අංක 01 සැපයුම් හා නඩත්තු අංශය 73 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු අංශය 2024 සැප්තැම්බර් 04 වන දින සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් අනතුරුව සිය 73 වන සංවත්සර දින සැමරුම ආරම්භ විය. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන් පී මෙරගලගේ නිළධාරීතුමන් විසින් අංශයේ සියලුම නිළධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන ධර්ම දේශනා වැඩසටහනක් පවත්වන ලද අතර අංක 01 සැපයුම් හා නඩත්තු අංශයේ අණදෙන නිළධාරීතුමාගේ මගපෙන්වීම සහ අංශයේ සියලුම සාමාජිකයින්ගේ දායකත්වය ඇතිව ඇවරියවත්ත "ලක්ෂ්මි" ළමා නිවාසයේ පුණ්‍ය වැඩසටහනක් පවත්වන ලදී. කාර්ය මණ්ඩලය විසින් ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කළ අතර, අනතුරුව ළමුන් සඳහා දිවා ආහාරය පිරිනැමීම ද සිදු විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.