අන්තර් ඒකක රග්බි ශූරතා තරගාවලිය - 2024

අන්තර් ඒකක රග්බි ශූරතාවලිය - 2024 (2024 සැප්තැම්බර් 11) රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර, මෙහි සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම සිදු විය.

ගුවන් හමුදා කදවුර ශ්‍රී ජයවර්ධනපුර රග්බි කණ්ඩායම 2024 වසර සඳහා පිරිමි ශූරයන් ලෙස ශූරතාව දිනාගත් අතර ගුවන් හමුදා චීන වරාය අනුශූරතාව හිමිවිය. කාන්තා අංශයේ ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුරට හිමි වූ අතර අනුශූරතාව ගුවන් හමුදා රත්මලාන කඳවුරට හිමිවිය.

මෙම අන්තර් ඒකක රග්බි ශූරතා තරගාවලිය දී ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට ලබාදුන් අනුග්‍රහය වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී වෙත උපහාර පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්,  ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සභාපති , ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.