ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂික මහා සභා රැස්වීම—2024

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම-2024 (2024 සැප්තැම්බර් 13) ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේ හොරයිසන් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවති අතර එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ භාර්යාවන්, සභාපතිවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ, ඒක් ඒක් සේවා වනිතා ඒකක භාර සම්බන්ධීකාරකවරුන් සහ බලලත් නිලධාරීන්,කදවුරු සහ ස්ථාන භාර නිලධාරීහු සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකක ගීතය සමඟින් උත්සවය ආරම්භ වූ අතර, අනතුරුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් බලඝන නායිකා විලුදනී යටවර විසින් පසුගිය මහා සභා රැස්වීමේ වාර්ථාව කියවීමෙන් අනතුරුව සිදු කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික බලඝණ නායක මනුජ අදිකාරි විසින් 2023/2024 වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා කියවන ලදී.

ගුවන් හමුදා ආයතනවල සේවා වනිතා ඒකක භාර නිලධාරීන් කඳවුරු මට්ටමින් පවත්වනු ලබන ව්‍යාපෘති සහ 2025 වසර සඳහා වන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව දැනුවත් කරන ලදී.

මීට අමතරව, ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙහෙයවනු ලබන සේවාවන්, විශේෂ ව්‍යාපෘති සහ ප්‍රජා සේවා වගකීම් නිරූපිත වීඩියෝ දර්ශන කිහිපයක් ද මෙහිදී ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.