කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදාධිපතිවරයාගේ වාර්ෂික පරීක්‍ෂණය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුරේ (2024 සැප්තැම්බර් 13) ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමදෝරු නිශාන්ත ප්‍රියදර්ශන විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව මාර්ගපෙළ ඛණ්ඩයක් මගින් උත්තමාචාර පිරිනමමින් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, ඉලෙක්ට්‍රොනික අංශය, අවි ගබඩාව, 31 රෙජිමේන්තු පක්‍ෂාංගය, ගුවන් භටයින්ගේ භෝජනාගාරය, උපකරණ අංශය, සුභසාධක වෙළද සැල, ක්ලිපර්ස් සැලෝන්, ප්‍රධාන ආරක්‍ෂක මැදිරිය, ප්‍රවාහන අංශය, ක්‍රීඩා අංශය සහ කඳවුරේ අනෙකුත් ප්‍රදේශ වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයෙන් පසුව කදවුරේ සියලුම නිලයන්ට හා සිවිල් පුද්ගලයින්ට ස්තූතිය පළ කළ අතර,කදවුර උසස් මට්ටමින් පවත්වාගෙන යාමට ඔවුන් ගන්නා උත්සාහයන් පිළිබදව ද ප්‍රසංශාව පළකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.