ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම ඡාතික ඔරු පැදීමේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය (NACKSL)විසින් 8 වරටත් සංවිධානය කරනු ලැබු ඡාතික ඔරු පැදීමේ තරගාවලිය 2024 සැප්තැම්බර් 14 වන දින සිට 16 වන දින  දක්වා  යාපනය කොටුවට ඔබ්බෙන් වූ දර්ශනීය මුහුදු තීරයේදී පැවති අතර ඒහිදි ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම විවෘත කාන්තා ශූරතාව හා විවෘත කාන්තා දක්ෂතම  Paddle ශූරතාව  දිනාගත්  අතර අවුරුදු 23 න් පහල පිරිමි ශූරතාව ගුවන් හමුදා කණ්ඩායම දිනා ගැනීමට  සමත් විය.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කාන්තා හා පිරිමි ඔරුපැදීමේ කණ්ඩායම්  විසින් රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් සමස්ථ පදක්කම් 20ක්  දිනා  ගැනීමට සමත් විය.  

 ඡාතික ඔරු පැදීමේ තරගාවලියේ ජයග්‍රහක ජයග්‍රහිකාවන්  සදහා කුසලාන හා සහතික පත් ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතා සහභාගී වූ අතර  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මිය සහ ගුවන් හමුදා ඔරු පැදීමේ සභාපති එයාර් කොමඩෝර් අසිත හෙට්ටිආරච්චි මහතා, ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද හේරත්, යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.