බංගලාදේශ සන්නද්ධ හමුදා ආරක්ෂක උපදේශක නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

බංග්ලාදේශ සන්නද්ධ හමුදා ආරක්ෂක උපදේශක නියෝජිතයින් පිරිසක් 2024 සැප්තැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක ලුතිනන් ජෙනරාල් මොහොමඩ් ෂහීනුල් හක්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් නිල සමරු පලක හුවමාරුවක්ද සිදුකරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂ ගෲප් කපිතාන් වජිර ජයකොඩි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය සහ කාර්යය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර, එහිදී ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදි.  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.