ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි

ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයිගුවන් හමුදාපති 'එයාර් මාර්ෂල්' හර්ෂ අබේවික්‍රම මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගියදා සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු පි. ඩි. කේ. ටී. ජයසිංහ  මහතා ගුවන් හමුදාපතිතුමන් පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පිළිගැන්වීමක්ද සිදු විය. තවද විංග් කමාණ්ඩර් එච්. යූ. විජේවීර, එම්. ඒ. එස්. කේ. මහිපාල සහ බළඝණ නායක ඒ. ඩී. ආර්. ලියනආරච්චි පිළිවෙලින් බලපංති තුනෙහි අණදෙන්නන් ලෙස කටයුතු කරන ලදී.

මෙහිදි ගුවන් හමුදාපතිතුමා විසින් නිළධාරීන් සඳහා කාමර 12කින් යුත් නිළ නිවාස සංකීර්ණයක් විවෘත කරන ලදී. එසේම  තවද ගුවන් හමුදාපතිතුමන් විසින් කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්විය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.