අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2024

58 වැනි අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 සැප්තැම්බර් 19 වන දින සහ 20 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව පවත්වන ලදී.ත්‍යාග සහ සම්මාන ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා  සහභාගි විය. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලට හිමි වූ අතර පිරිමි අංශයේ සමස්ත ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කදවුර හිමිකර ගත්හ.  ද පිරිමි අංශයේ අනුශූරතාව ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල හිමිකරගත් අතර, කාන්තා අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය හිමිකරගැනීමට සමත්විය.

ශූරතාවලියේ දක්ෂතම පිරිමි මලල ක්‍රීඩිකයාට හිමි සම්මානය දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් භට කේ.ජී.එම්.එස්.බණ්ඩාර හිමිකරගත් අතර දක්‍ෂතම කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ගුවන් කාන්තා ජී.ජී.එම්.එච් නිර්මලී හිමිකර ගැනීමට සමත් විය.

ප්‍රථිඵ සාරාංශය

මීටර් 5000 පිරිමි
පළවන ස්ථානය ගුවන් භට අසීම් ​​එම්එස්එම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
දෙවන ස්ථානය ගුවන් භට මින්ද එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
තෙවන ස්ථානය ආධුනික ගුවන් භට 2 සඳරුවන් (ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)

මීටර් 5000 කාන්තා
පළවන ස්ථානය ගුවන් කාන්තා හඳුංගේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
දෙවන ස්ථානය ගුවන් කාන්තා නිසල්යා (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
තෙවන ස්ථානය කෝප්‍රල් හංසනී ටීකේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)

වෙඩි තැබීම කාන්තා
පළවන ස්ථානය කෝප්‍රල් නිරෝෂනි (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)
දෙවන ස්ථානය කෝප්‍රල් පෙරේරා (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර)
තෙවන ස්ථානය කෝප්‍රල් අතපත්තු (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)

 First Day

Final Day

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.