ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී ඔවුන්ගේ දක්ෂතා සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමින් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් විශිෂ්ට ඡයග්‍රහනයක් හිම්කර ගැනිමට සමත් විය.

ශූරතාවලිය 2024 සැප්තැම්බර් 21 වන දින සහ 22 යන දිනවල තායිලන්තයේ චොන්බුරි හිදී පැවැත්විණි. පිරිමි 11 ක් සහ කාන්තා 3 ක් ඇතුළු ජුඩෝ ක්‍රිඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාව, ජපානය, ප්‍රංශය, චීනය, මැලේසියාව සහ සිංගප්පූරුව ඇතුළු තවත් රටවල් 16 කට එරෙහිව තරඟ වැදුනු අතර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් තිදෙනෙකු සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩක සැරයන් දර්මවර්ධන කිලෝග්‍රෑම් 73 න් පහළ බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර, කිලෝග්‍රෑම් 100 න් පහළ කාණ්ඩයේ රිදී පදක්කම කෝප්‍රල් අබේසිංහ විසින් දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.