ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෝන්සූන් කුසලාන 2024 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැමිබර් මස 29 වන දින පවත්වන ලදි.

මෙම තරඟාවලියේදී ඊගල්ස් මෝන්සූන් කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම කි්‍රඩක ක්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර ත්‍රිවිධ හමුදාවේ දක‍ෂතම ක්‍රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සඳහාද තරඟකරුවන් තරඟ වැදිම සිදු විය.  

ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය රංජිත් ලියොන් විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශුරතාවය ෆ්‍රෑන්ක් ද මෙල් විසින් හිමිකර ගන්නා ලදි එහි පිරිමි අංශයේ අනුශුරතාවය විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන (විශ්‍රාමික) විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ අනු ශුරතාවය දිලිනි හෙන්නායක විසින් හිමිකරගන්නා ලදි.

ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් ජානක පිටවල විසින් දිනාගන්නා ලද අතර එහි අනුශුරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ මේජර් තිස්ස කුමාර විසින් දිනා ගන්නා ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.